ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධති(Android Operating System)

අද මම  ලියන්න යන්නේ ඇන්රොයිඩ් ගැන..
               ඇත්තටම මොකක්ද මේ ඇන්රොයිඩ්?
ඔව් ඇන්රොයිඩ් මුලින්ම නිර්මාණය කළේ ඇමරිකන් ජාතිකයන් හතරදෙනේක් ඔවුන් 2001 වසරෙදි ඇන්රොයිඩ් වැඩසටහන ආරම්භ කර anroid Inc සමාගම ආරම්භ කළා.එහෙත් ඔවුන්ට එය කරගෙන යාමට තරම් වත්කම් නොමැති වීම නිසා එය 2005 වසරේදී google සමාගම විසින් මිලදී ගන්නා ලදි. ඉන් පසු ඇන්රොයිඩ් හි ප්‍රථම සංස්කරණය alfa නමින් 2007 දී නිකුත් විය.ඉන් පසු දෙවන සංස්කරණය 2009 දී Bita නිකුත් කෙරිණි. මේ සංස්කරණ දෙක සදහා ⁣විශේෂ කේත නම් නොතිබුණු අතර එයින් පසු නිකුත් කල versions සදහා ඔවුන් ජනප්‍රිය ආහාර පාන වල නම් භාවිතා කරයි. මේ නිසා ඇන්රොයිඩ් ලොව පුරා ඉක්මනින් ජනප්‍රිය විය. මේ දක්වා නිකුත් වු සංස්කරණය පහත දැක්වේ.

Android 1.5              cup cake(2009)

Android 1.6              donut(2009)

Android 2.0-2.1        eClair (2009)

Android 2.2-2.2.3    froyo  (2010)

Android 2.3-2.3.7  gingerbread(2010)

Android 3.0-3.2.6  honeycomb(2011)

Android 4.0-4.0.4 ice cream sandwich (2011 )

Android 4.1- 4.3.1 jelly bean (2012)

Android 4.4- 4.4.4  kitkat (2013)

Android 5.0- 5.1.1 lollipop (2014)

Android 6.0- 6.0.1 marshmallow (2015)

Android 7.0- 7.1 nougat (2016)

Android 8.0        oreo (2017)

          මේ අතරින් ඇන්රොයිඩ් O සංස්කරණය නිකුත් වී තවම සතියක් වත් ගත වී නෑ  මෙම සංස්කරණය විශේෂ වෙනස්කම් කීපයකින්ම සමන්විතයි

ඇන්රොයිඩ් මේ තරම් ඉක්මනින් ජනප්‍රිය වුනේ කොහොමද?

ඇත්තටම android  මේතරම් ජනප්‍රිය වීමට වැදගත් ම හේතුව වුනේ මෙම මෙහෙයුම් පද්ධතිය Open source මෙහෙයුම් පද්ධතිය ක් වීමයි. එනම්   මෙම android operating system එක ඕනෑම ⁣අයෙකුට නොමිලේ ලබා ගත හැක. ඔහුට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කීරීමටද හැක.තවද ඔවුන් මෙම ඇන්රොයිඩ් versions සදහා ජනප්‍රිය ආහාර පාන වල නම් භාවිතා කීරීම හා සරල බව ද මෙහි ජනප්‍රිය වීමට හේතු වී ඇත.

වර්තමානයේ දී ඇන්රොයිඩ් ස්මාට් පෝන් සදහා පමනක් සීමා වී නැත. Smart watch,digital camera ,Tv,PC, Tablet හා නවීන රථ වාහන වලදීද ඇන්රොයිඩ් භාවිතා වෙයි.  Google  සමාගම ඇන්රොයිඩ් සදහා අවශ්‍ය apps වලින් 70%ක්ම නොමිලේ ලබාදෙන අතර ඉතිරි apps ද කාටත් දැරිය හැකි ඩොලර් 3 වැනි අඩු ගානකට ලබා ගත හැක. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍ය මෙම සියලු ඇප් google playstore සේවාව හරහා බා ගත හැක.

මීිළග ලිපියෙන් android O ගැන ලියන්න බලා පොරොත්තු වෙනවා ලගදිම එකත් දාන්නම්...........😊😊😊😊

GOOD LUCK..

Comments

Popular posts from this blog

පරිගණක ජාලකරණය(Networking)

✅GOOGLE ✅

Manawela WaterFall(මානාඇල්ල)