✅GOOGLE ✅

අද මම ලියන්න යන්නේ කවුරුත් දන්නා ගූගල් ගැන .....
ගූගල් යනු ලොව තිබෙන සෙවුම් වෙබ් අඩව් ⁣වලින් ප්‍රධානම වෙබ් අඩවිය කීවොත් මා නිවරදියි. එනම් දිනකට ⁣ගූගල් භාවිතා කරන්නන්ගෙන් 16%ක් ම ගූගල්  භාවිතා කරන්නේ පළමු වතාවට ය. සෑම මිනිත්තුවකදිම ලොව පුරා මිලියන 2ක් පමණ ගූගල් භාවිතා කරයි. GOOGLE හි ඉතිහාසය සොයා බැලීමේදී  එය ආරම්භ කර ඇත්තේ 1996 වසරේ දී ලැරී ජේජ් හා සර්ජි බ්රිජ් යන දෙදෙනා විසින්ය.එසේ ආරම්භ කළ ගූගල් 2004වසරෙන් පසු ලොව පුරා ⁣ search web අඩවියක් ලෙස ජනප්‍රිය විය.ගූගල් සිය මුල්ම සර්වරය නිපදවා ඇත්තේ කුලියට ගත් ගරාජයකය. එහි මුල් නම Backrub විය. පසුව එය ලොව වැඩිම පිරිසක් අතර සෙවුම් එන්ජිමක් ලෙස ජනප්‍රිය වීමත් සමග ගුගල් ලෙස නම වෙනස් කළේය. ගූගල් සිය වැඩිම ආදායම උපයන්නේ වෙළද දැන්වීම් මගිනී.  You tube නිර්මාණය කර මාස 18කට පසු ගූගල් සමාගම එය ⁣මිලදී ගැනීමත් සමග ගූගල් ලොව පුරා වඩාත් ජනප්‍රිය විය. Google search ,google +,gmail,youtube, picasa , google map, bloggerආදීය වර්තමානයේ ගූගල්හි ප්‍රධාන හා ජනප්‍රිය සේවාවන් කීපයකි.
Anroid මෙහෙයුම් පද්ධති නිර්මාණය කීරිමත් සමග ගූගල් තවත් ජනප්‍රිය විය.ගූගල්  ඔවුන්ගේ මෙම  Android මෙහෙයුම් පද්ධති සදහා වෙළදපොලේ ඇති ජනප්‍රිය ආහාරපාන වල නම් භාවිතා කරයි.Anroid  1.5 cupcake ලෙස 2009 වර්ෂයේදී ගූගල් සිය ප්‍රථම  ඇන්⁣ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එලිදැක්වීය. ඉන් පසු අවස්තා කීපයකදී එහි නව සංස්කරණ නිකුත්කරන කර ඇත.

*Android 3.0 ice cream
*Android 4.4/4.4.4 kit kat
* Android 5.0 massmelows
     ආදීය ඉන් සංස්කරණ කීපයකි.(මීලඟ කොටසින් ඇන්ඩ්රොයිඩ් පිළිබඳ වැඩිදුර ලියන්නම්😁)

කුලියට ගත් ගරාජයකය ඇ.ඩොලර්  දසලක්ෂයකින් ආරම්භ කළ google  අද වන විට ඇ.ඩොලර් බිලියන 75කට වැඩි වාර්ෂික ආදායමක් උපයයි.⁣ ලොව  පුරා සියලු google ශාඛා වල සේවය කරන මුලු සේවකයන් ගණන 61000ක් පමණ වන බව වාර්තා වේ.

අනිකුත් ආයතන වල මෙන් google හි අනවශ්‍ය නීති පද්ධති නොමැත.සේවකයන්ට ආයතනය තුලදී ඕනෑම විදියකට ඇදුම් ඇදිය හැකි අතර අනිත් ආයතන වලට වඩා විශෙශ්ෂ වරප්‍රසාද google සිය සේවකයන්ට ලබා දෙයි. සේවකයන් සදහා පිහිනුම් තටාක , රෑපලාවන්‍යගාර ආදීයද නොමි⁣ලේ දවසේ ආහාර වේල් 3නද  සපයයි. ආයතනයේ සේවකයෙක් මිය ගිය හොත් ඔහුගේ වැටුප මෙන් භාගයක් අවුරුදු 10ක් යන තෙක් ලබා දෙයි.
මෙම කරැණුද google  හි දියුණුවට බලපා ඇත.
මීලඟ ලිපිය මගින් Android Operation system  පිළිබඳ ලිවීමට බලාපොරොත්තු වෙනවා.

THANKS ..

Comments

Popular posts from this blog

පරිගණක ජාලකරණය(Networking)

Manawela WaterFall(මානාඇල්ල)