Posts

Showing posts from November, 2017

Manawela WaterFall(මානාඇල්ල)

Image
හායි යාලුවනේ..... කාලේකින් ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා ඉතින් යාලුවනේ අද නම් මම ලියන්න යන්නේ තාක්ෂණික දෙයක් ගැන නම් නෙවෙයි. අද මම ලියන්න යන්නේ සංචාරය කරන්න කැමති මගේ යාලුවන්ට වැදගත් වන ගොඩක් ලස්සන තැනක් ගැන... මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ වැලිමඩ කිට්ටුව තියන මගේ ලස්සන ගම්මානයේ..... ඉතින් වැඩි හැදින්වීම් මොකටද මම දැන් කියන්නම්කෝ මේ තැන ගැන... ඇත්තටම මෙය සුන්දර දියඇල්ලක් නමින් කියනවා නම් මානාවෙල ඇල්ල ( Manawela Fall) මෙම මානාඇල්ල පිහිටලා තියෙන්නේ වැලිමඩ - උඩුපුස්සල්ලාව මාර්ගයේ ලූණුවත්ත නගරයට කිට්ටුව ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් කඩා හැලෙන දියඇල්ලට ඕනම අ⁣යෙකුට පහසුවෙන් ලගා විය හැකිය.සුන්දර නිම්නයක් දිගේ ගලා යන මෙම දිය දහරාව ඇත්තෙන්ම ඉතා චමත්කාර දසුනක් මවා පායි. වැලිමඩ නගර⁣යේ සිට විනාඩි 30ක වැනි කාලයකින් ඇල්ලට ලගා වෙන්න පුලුවන් දියඇල්ල සංචාරකයන් අතර නම් එතරම් ජනප්‍රිය නැහැ.. ඉතින් යාලුවනේ සංචාරය කරන්න කැමති ඔයාලත් අනිවාර්යෙන්ම මෙය නරඹන්න එන්න දියඇල්ල අවට තිබෙන නිස්කලංක පරිසරය ඉතාමත් ලස්සනයි. සුන්දර තේ යායක් මැදින් තමයි ඇල්ල කඩාහැලෙන්නේ.. පහලින් ති⁣යෙන්නේ google map එකේ දියඇල්ල